Posts

තාරා පාලනය

Image
 තාරා පාලනය තාරා වර්ග තාරාවන් ඇති කිරීම ප්‍රධාන වශයෙන් මස්  හා බිත්තර ලබා ගැනීම පිණිස සිදු කරයි. මස් ලබාගැනීම පිණිස ඇතිකරන තාරා වර්ග • අයිල්ස්බරි • පීකින් • මස්කෝව් බිත්තර ලබාගැනීම පිණිස ඇතිකරන තාරා වර්ග • කාකි කැම්බල් • ඉන්දියන් රනර් ද්විකාර්ය වර්ග • වෙලුවි • පෙට්රෝස් අයිල්ස්බරි ශරීර වර්ණය සුදු පැහැතිය, තැඹිලි පැහැ ශක්තිමත් කෙටි පාද ඇත,හොට රෝස පැහැතිය මස් නිශ්පාදනය සඳහා ඉතාමත් හොඳ වර්ගය වේ, දිගැති පලල් ශරීරයක් ඇත, වයස සති 9දී මස් කිලෝග්‍රරෑම් 2.5ක පමණ නිශ්පාදනයක් ලබාදේ. වසරකට බිත්තර 100ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක. පීකින් ශරීර වර්ණය ලා කහ පැහැතිය, තැඹිලි පැහැ ශක්තිමත් කෙටි පාද ඇත,හොටද තඹිලි  පැහැතිය මස් නිශ්පාදනය සඳහා අයිල්ස්බරිට පසුව හොඳ වර්ගය වේ, දිගැති පලල් ගැඹුරු ශරීරයක් ඇත, වයස සති 9දී මස් කිලෝග්‍රරෑම් 2 ක පමණ නිශ්පාදනයක් ලබාදේ. වසරකට බිත්තර 110-130 ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක. පිහාටු බුමුතුරුණු නිපදවීමට යොදාගනී. මස්කොව් කුකුලන්ගේ මෙන් ඇස් ආශ්‍රිතව රතු පැහැති කරමලයක් වැනි කොටසක් ඇත. බොහෝ විට අලංකාරය පිණිස ඇතිකරයි. වයස ...

විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක හා වැළදෙන රෝග.

Image
විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක ජලය  : විසිතුරු මසුන් ඇතිකිරීමේදී ජලය ප‍්‍රධාන තැනක් උසුලයි. මාළු වර්ග අනුව ජල තත්ත්වය වෙනස් කළ යුතු වේ. බිත්තර දමන මසුන් සඳහා ph  අගය 6 - 7 අතරත් පැටවුන් දමන මසුන් සඳහා ph  අගය 7.5 - 8.5 අතරත් තිබිය යුතුය. එසේම එම ජලය සඳහා උෂ්ණත්වයක් ලබාදෙන්නේ නම්  260c - 32cඛ් ක උෂ්ණත්වයක් සැපයිය යුතුය.කරදිය මත්ස්‍ය ටැංකියක් සෑදීමේදී එයට මුහුදු වැලි යෙදීම අවශ්‍යය. එහිදී කොරල්පර කොටස් , මුහුදු ජලජ පැළෑටි යෙදීම වැදගත් වේ. මන්ද පැටවුන් දමන මත්ස්‍යයින් එවන් පැළෑටි තුළ කූඩු සෑදීමට පුරුදු වී සිටින බැවිනි. ආලෝකය  : මත්ස්‍ය ටැංකියකට අවශ්‍ය තවත් සාධකයකි අලෝකය. මත්ස්‍යයින්ගේ කි‍්‍රයාකාරිත්වයට ආලෝකය නිතැතින්ම බලපායි. එසේම ජලජ පැළෑටි තම ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියට ආලෝකය උපයෝගී කර ගනී. ආලෝකය භාවිතා කිරීමේදී උපකාර කර ගත හැකි ක‍්‍රම 2 ක් වේ. ඉන් එක ක‍්‍රමයක් නම් ස්වභාවික ආලෝකයයි. අනෙක් ක‍්‍රමය කෘතීම ආලෝකයයි. එළිමහනේ ඇති මත්ස්‍ය ටැංකියක් සඳහා නිතැතින්ම ස්වාභාවික ආලෝකය ලබාදිය හැකිය. එහෙත් නිවසක් ඇතුළත ඇති මත්ස්‍ය ටැංකියකට කෘති‍්‍රම ආලෝ...

විසිතුරු මසුන් අභිජනනය ornamental fish breeding

Image
ගෝල්ඩ් ෆිෂ්  අභිජනනය goldfish breeding Cyprinidae සිප්‍රිනිඩේ කුලයට අයත් මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා බිත්තර මගින් සිය වර්ගයා බෝකරනු ලබයි. ලොව පුරා මෙම විශේෂයේ ඉතාමත් අලංකාර මත්ස්‍ය ප්‍රභේද රැසක් මේ වන විට විසිරී ඇත. ඉතාම පහසුවෙන් අභිජනනය කිරීමට හැකිය මඩ පොකුණු තුළට යොමු කිරීමේ ප්‍රමාණය දක්වා වර්ධනය කිරීම තරමක් අපහසු කාර්යයකි. නමුත් මඩ පොකුණුවලට යොමු කිරීමෙන් පසු ඉතාම වේගයෙන් වර්ධනය වේ. මෙම මසුන් වසර මුලුල්ලේම අභිජනනය සඳහා යෙදවිය හැකිය.නමුත් සැප්තැම්බර් - අප්‍රේල්  දක්වා කාලයේදී අභිජනනය කිරීම වඩාත් යෝග්‍ය වේ. අභිජනනය සඳහා තෝරගන්නා පරිනත  සතුන් ගැහැනු හා පිරිමි සතුන් වෙන් කර ඇති කිරීම සිදු කල යුතුය  එම වෙන්කර තබන කාලය තුල එම සතුන්ට ප්‍රෝටීන වැඩි ආහාර ලබාදිය යුතුය. පරිනත සතුන් හඳුනා ගැනීම පිරිමි සතුන් පරිසර  උශ්නත්වය වැඩි කාලවලදී  පරිනත පිරිමි සතුන්ගේ  කරමල් වැසී ඇති පිධානය මතුපිට කුඩා සුදු පැහැති බිබිලි වැනි දෑ හට ගනී ගැහැණු සතුන් ශරීරය හොඳින් වැඩී ,පිරී ඇතිනම් එම සතුන් පරිනත වී ඇත. ගෝල්ඩ් ෆිෂ් මසුන් විශාල බිත්තර ප්‍රමානයක් දම...

එළු පාලනය(Goat management)

Image
එළු පාලනය(Goat management) ශ්‍රී ලංකාවේ එළු පාලනය ප්‍රධාන වශයෙන් මස් හා කිරි නිශ්පාදනය සදහා සිදු කරයි. අනෙක් සතුන් පාලනයට සාපේක්ශව එළු පාලනයේ වාසි. • මස් පිණිස අලෙවි කිරීමේදී ඉතාමත් හොඳ වෙලඳපොලක් පැවතීම (සාමාන්‍යයෙන් එළුවන් ජීව බර කිලෝග්‍රෑම් එකක් රුපියල් 700 – 800 පමණ මිලකට අලෙවි කල හැකිය) • අවශ්‍ය ශ්‍රම ඒකක ප්‍රමානය අඩුය. • අවශ්‍ය මූලික පිරිවැය අඩුවීම. • ගවයින් ඇතිකිරීම නුසුදුසු භූමි එලුවන් ඇතිකිරීමට සුදුසු වීම. • එක් එලදෙනක් ඇති කිරීමට වැය වන වියදමින් එළුවන් 6-8 ප්‍රමානයක් ඇතිකල හැකිවීම. • එළු කිරි වල පෝෂණ ගුණය වැඩිවීම. එළු කිරිවල මේද ගෝලිකා කුඩා නිසා ජීරණය පහසුය. එළුවන් ක්ශය රෝගයට ප්‍රතිරෝධයක් දක්වන බැවින් එලු කිරි හරහා මිනිස්සුන්ට ක්ශය රෝගය වැලදීමේ අවධානම නොමැති වලට වීම. ශ්‍රී ලංකාව තුල ඇතිකරන එළුවන් වර්ග • ජමුනාපාරි(jamunapari) උතුරු ඉන්දියාවේ සම්භවය වී ඇත. හොඳ පෙනුමක් ඇති විශාල වර්ගයකි. දිගට එල්ලා වැටෙන දිගටි විශාල කන් පිහිටා ඇත. සාමාන්‍යයෙන් සුදු දුඹුරු පැහැයක් ගනී. කොකු හැඩැති (රෝමන්)නාසයක් ඇත. අං කෙටිය,පැතලිය. කෙටි සිනිඳු ලෝම ඇත. එල්ලා වැටෙන විශාල බුරුල්ලක් ...

වසු පැටවුන්ගේ රෝග පාලනය

Image
වසු  පැටවුන්ගේ රෝග පාලනය සෑම ගොවිපලකම පාහේ උපදින වසු පැටවුන්ගෙන් යම්කිසි ප්‍රමානයක් මිය යයි.නමුත් ගොවිපලක පැටවු මරණ ප්‍රතිශතය  5% නොඉක්මවිය යුතුය. වසු පැටවුන් මිය යාමට බලපාන ප්‍රධානම හේතුව පැටවුන්ට වැලඳෙන ලෙඩරෝගයි. පෙකණිය හා හන්දි ඉදිමීමේ රෝගය (Naval and joint ill) • අපිරිසිඳු පරිසරයක ප්‍රසූතිය සිදුවීම රෝගය ඇතිවීමට මූලික හේතුව වේ. • අපිරිසිදු පරිසරයේ ප්‍රසූතිය සිදුවීම නිසා පෙකනියට විශබීජ ආසාදනය වීම නිසා පෙකණිය වටා ඉදිමී සැරව ඇති වේ. • මෙසේ ඇතුල් වන විශබීජ සන්දි වලට ඇතුල් වීම නිසා සන්දි ඉදිමී සැරව පිරී පැටවා වේදනාකාරී මරණයකට පත්වේ. රෝගය වලක්වා ගැනීම • පැටවා ප්‍රසූත අවස්ථාවේදී නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම. ගව පැටවුන් පාලනය  ලිපිය බලන්න.) ප්‍රතිකාර • රෝගයේ මුල් අවස්ථාවේදී එනම් පෙකණිය පමණක් ආසාදනය වී ඇති විට ප්‍රතිජීවක මගින් රෝගය සුවකරගත් හැක. පාචනය. (Diarrhea ) • වසු පැටවුන්ට බහුලවම වැලඳෙන රෝගයකි. රෝගය වැලඳීමට හේතු. • පැටවාට අවශ්‍ය ප්‍රමානයට වඩා කිරි සැපයීම. • ශීතල හෝ පරණ කිරි ලබා දීම. • අපිරිසිදු ආහාර ලබාදීම. • අපිරිසිදු ජලය ලබාදීම • පණු ආ...