විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක හා වැළදෙන රෝග.
විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක ජලය : විසිතුරු මසුන් ඇතිකිරීමේදී ජලය ප‍්‍රධාන තැනක් උසුලයි. මාළු වර්ග අනුව ජල තත්ත්වය වෙනස් කළ යුතු වේ. බිත්තර දමන මසුන් සඳහා ph අගය 6 - 7 අතරත් පැටවුන් දමන මසුන් සඳහා ph අගය 7.5 - 8.5 අතරත් තිබිය යුතුය. එසේම එම ජලය සඳහා උෂ්ණත්වයක් ලබාදෙන්නේ නම් 260c - 32cඛ් ක උෂ්ණත්වයක් සැපයිය යුතුය.කරදිය මත්ස්‍ය ටැංකියක් සෑදීමේදී එයට මුහුදු වැලි යෙදීම අවශ්‍යය. එහිදී කොරල්පර කොටස් , මුහුදු ජලජ පැළෑටි යෙදීම වැදගත් වේ. මන්ද පැටවුන් දමන මත්ස්‍යයින් එවන් පැළෑටි තුළ කූඩු සෑදීමට පුරුදු වී සිටින බැවිනි. ආලෝකය : මත්ස්‍ය ටැංකියකට අවශ්‍ය තවත් සාධකයකි අලෝකය. මත්ස්‍යයින්ගේ කි‍්‍රයාකාරිත්වයට ආලෝකය නිතැතින්ම බලපායි. එසේම ජලජ පැළෑටි තම ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියට ආලෝකය උපයෝගී කර ගනී. ආලෝකය භාවිතා කිරීමේදී උපකාර කර ගත හැකි ක‍්‍රම 2 ක් වේ. ඉන් එක ක‍්‍රමයක් නම් ස්වභාවික ආලෝකයයි. අනෙක් ක‍්‍රමය කෘතීම ආලෝකයයි. එළිමහනේ ඇති මත්ස්‍ය ටැංකියක් සඳහා නිතැතින්ම ස්වාභාවික ආලෝකය ලබාදිය හැකිය. එහෙත් නිවසක් ඇතුළත ඇති මත්ස්‍ය ටැංකියකට කෘති‍්‍රම ආලෝ...