තාරා පාලනය
තාරා පාලනය තාරා වර්ග තාරාවන් ඇති කිරීම ප්රධාන වශයෙන් මස් හා බිත්තර ලබා ගැනීම පිණිස සිදු කරයි. මස් ලබාගැනීම පිණිස ඇතිකරන තාරා වර්ග • අයිල්ස්බරි • පීකින් • මස්කෝව් බිත්තර ලබාගැනීම පිණිස ඇතිකරන තාරා වර්ග • කාකි කැම්බල් • ඉන්දියන් රනර් ද්විකාර්ය වර්ග • වෙලුවි • පෙට්රෝස් අයිල්ස්බරි ශරීර වර්ණය සුදු පැහැතිය, තැඹිලි පැහැ ශක්තිමත් කෙටි පාද ඇත,හොට රෝස පැහැතිය මස් නිශ්පාදනය සඳහා ඉතාමත් හොඳ වර්ගය වේ, දිගැති පලල් ශරීරයක් ඇත, වයස සති 9දී මස් කිලෝග්රරෑම් 2.5ක පමණ නිශ්පාදනයක් ලබාදේ. වසරකට බිත්තර 100ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක. පීකින් ශරීර වර්ණය ලා කහ පැහැතිය, තැඹිලි පැහැ ශක්තිමත් කෙටි පාද ඇත,හොටද තඹිලි පැහැතිය මස් නිශ්පාදනය සඳහා අයිල්ස්බරිට පසුව හොඳ වර්ගය වේ, දිගැති පලල් ගැඹුරු ශරීරයක් ඇත, වයස සති 9දී මස් කිලෝග්රරෑම් 2 ක පමණ නිශ්පාදනයක් ලබාදේ. වසරකට බිත්තර 110-130 ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක. පිහාටු බුමුතුරුණු නිපදවීමට යොදාගනී. මස්කොව් කුකුලන්ගේ මෙන් ඇස් ආශ්රිතව රතු පැහැති කරමලයක් වැනි කොටසක් ඇත. බොහෝ විට අලංකාරය පිණිස ඇතිකරයි. වයස ...